මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය

විදුහලේ විදුහල්පති වසන්ත දේවසිංහ මැතිතුමා ස්ථාන මාරුවීම් ලබා වෙනත් පාසලකට යාම

ඉඩෙක්ස් ප්‍රදර්ශනය

slide 1.png
slide 1.png

විදුහල්පති පණිවිඩය

එස්.එම්.වී.එල් කුමාරී මිය

දැනට  ඇති තොරතුරු  හා දත්ත  අනූව වසර 136 කට වැඩි පෞඩ ඉතිහාසයක්  ඇති මප/කටු ඉඩමේගම මධ්‍ය මහා  විද්‍යාලය 19 වන සියවස මුල් භාගයේ ආරම්භව 1885 වර්ෂයේ රජයේ ලියාපදිංචි විද්‍යාලයක් ලෙස ද 1939 වර්ෂයේ රජයේ පුහුණු පාසලක්  ලෙස ද, 1945 වර්ෂයේ ප්‍රාථමික  අංශ  දෙකක් සහිත පාසලක් ලෙසද, 1963  වර්ෂයේ  මහා විද්‍යාලයක් ලෙසද, 1997.03.04  දින  මධ්‍ය මහා  විද්‍යාලයක්  ලෙසද,  පෝෂණය  වී 2016 වර්ෂයේ ළඟම  පාසලහොඳම  පාසල  ජාතික ව්‍යාපෘතිය  යටතේ  තවදුරටත්  සංවර්ධනය  කලයුතු  පාසලක්  ලෙස නිර්දේශ කොට සංවර්ධනය වෙමින්  පවතින අප ප්‍රදේශයේ ඇති  ප්‍රමුඛ පෙලේ  විද්‍යාලයකි.

            මේ දක්වා අත්පත් කරගෙන ඇති ප්‍රගතිය  දෙස බලන විට විදුහලේ  ඉදිරි ගමන පැහැදිලිය.භෞතික හා  මානව සම්පත් නොඅඩුව පෝෂණය වෙමින් පවතින ඉඩමේගම  විදුහල් මාතාව තවත් සවිබලැති  දිරිය දරුවන්   ලක්මවට  දායාද කරනු නොඅනුමානය. ඒබැවින් මා මෙවැනි සාරවත් පින්කෙතක සරු බිජු ඇට වැපිරවීමට දායක වන්නේ ඉමහත් සතුටින්.  දැඩි උනන්දුවකිනි.

            ඉතිහාස මූලාශ්‍ර හෙලිකරනු ලබන  අතීතය ‌ගෞරවාන්විතය. මෙම විදුහලේ  සිප්කිරි බිම‌ට පැමිණි දුර බැහැර නන් දෙස දරුවෝ  අප ලක්මාතාව සනසන්නේ ඉඩමේගම විදුහල්  සංස්කෘතියේ  රිද්මයටයි. මේ උදාර සංස්කීතිය තව තවත් මතු පරපුරට දායාද කරන්නට දිවා රාත්‍රී  ඇප කැප වී කටයුතු මනාව  කරුණු ලබන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය කෘතඥතාව පුද කරමි. ආදි ශිෂ්‍ය  සංගමය , පාසල්  සංවර්ධන සමිතිය  ප්‍රශංසනීය වේ. අප ප්‍රදේශයේ  හොඳම පාසල ලෙස ඉඩමේගම විදුහල ගොඩනැගීමට  සැමගේ  සහයෝගය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

එස්.එම්.වී.එල් කුමාරී මිය
විදුහල්පති
මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය.