මුලින්ම හෑදෙනිය දෙවල්කන නම් ස්ථානයේ පිහිටි ගඩොල් පෝරණුවකට යාබදව සෑදු කුඩා පොල් අතු මඩුවක සිසුන් 15 දෙනෙකුගෙන් පමණ රත්නායක නම් ගුරු මහත්මයකුගේ මූලිකත්වයෙන් මෙම පාසල ආරම්භ වී ඇත. මේ අවධියේ ලංකාවේ ක්‍රිස්තියානි පාඨශාලාද සීඝ්‍රයෙන් ආරම්භ වු නිසා ඒකල සිටි බෞද්ධයෝ බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට ස්ථානයන් සෙවූහ. එකල හාරිස්පත්තුවේ රටේ මහත්තයා හෙවත් උප දිසාපති තනතුර දැරෑ බී.බී. නුගවෙල මැතිතුමා එතුමන්ගේ ඉඩමේගම පිහිටි කුඹුරේ පාසලක් සැදීමට අවසර ලබා දෙන ලදි. ඉන්පසු මෙම රටේ මහත්තයා ගම්මුලාදෑනින්ගේ හා වෙනත් අයගේ සහය ඇතිව බණ ගෙයක ස්වරූපයෙන් ගොඩනැගිල්ලක් ඉදිකර 1885 දී පමණ දෙවල්කන තිබූ පාසල ඉඩමේගමට ගෙන ආවේය.





